ඉන්දියානු සංස්කෘතියෙන් උපන් දේව කතා පුරාණය අප රටේ සාහිත්‍යයට එකතු වුයේ අද ඊයේ සිට නොවේ. රාමායනය මහා භාරතය වැනි සාහිත්‍යයික නිදර්ශන අදටත් මෙරට සමාජ සංස්කෘතියට ආගන්තුක නොවේ.
ඉන්දියානු සාහිත්‍යයේ ද ප්‍රධාන මුලාශ්‍රයක් වන මේ කියන සාහිත්‍ය ප්‍රවාහය 2010 න් පසු නව ඉන්දියානු සාහිත්‍ය සම්ප්‍රදායක් විශේෂයෙන් ම එරට ඉංග්‍රීසි බසින් ලියන ලේඛකයින් අතින් ලියවෙන අකාරයක් අපට දකින්නට පුළුවන. ඒ අතර කෙවින් මිස්සල් වෙසෙස් තැනක සිටියි.
විෂ්ණු දෙවියන්ගේ අවසාන අවතාරය වන කල්කි මුල් කොටගෙන ඔහු විසින් ලියන ලද තුන් ඈඳුතු නවකතාව වන ධර්ම යොද්ධ කල්කි ඊට කදිම නිදසුනක් වේ.
මෙය විෂ්ණු මූර්තිය, බ්‍රහ්ම අක්ෂි, ශීව අසිපත නමින් කොටස් තුනකින් පළ වී ඇති අතර පාලිත ජයකොඩි සම්පූර්ණ කතා මාලාව ම සිංහල බසට නගා තිබේ.