ඔඩිසි නගරයේ කෙළවරක පරණ පන්නයේ ගොඩනැගිල්ලක් තිබෙනවා. විටේකර් මහතාට අයිති මේ ගොඩනැගිල්ල නම් කරලා තියෙන්නේ ‘විට් එන්ඩ්“ කියලයි. විට් එන්ඩ් කියන්නේ නගරයේ ළමයින් නිතර ගැවසෙන තැනක්. මේ සාප්පුව අයිති විටේකර් මහතා අති දක්ෂ නව නිර්මාණකරුවෙක්. ඔහුගේ විශිෂ්ටතම නිර්මාණය තමයි ‘සිතිවිලි කුටිය“ ඒක ඇත්තටම කාල තරණ යානාවක්. සිතිවිලි කුටියට ගොඩවෙන කෙනෙකුට අතීතයට හරි අනාගතයට හරි ගිහිං එන්න ගතවෙන්නේ බොහෝම ටික වෙලාවයි.
බෙත් සහ පැට්රික් කියන්නේ විට් එන්ඩ් සාප්පුවට නිතර පැමිණෙන ඥාති සොහොයුරියක් සහ සොහොයුරෙක්. දවසක් විටේකර් මහතා සිිතිවිලි කුටියෙන් අතීතයට ගොස් කිසියම් රාජකාරියක් ඉටුකිරීමේ වගකීම මේ දෙදෙනොට පවරනවා.
බෙත් සහ පැට්රික් මුලින්ම යන්නේ වයිකිංවරුන් ජීවත්වූ කාලයටයි. එහිදි ඔවුන් බිහිසුණු සහ විශ්මිත අත්දැකීම් සමුදායකට මුහුණ දෙනවා. ඒ විතරක් නෙවෙයි ඉතිහාසයේ නම සදහන් විශේෂිත පුද්ගලයින් දෙදෙනෙකු ද හැබැහින්ම හමුවෙනවා.
බෙත් සහ පැට්රික් සිතිවිලි කුටියෙන් සිදුකරන අපූරු කාලතරණ චාරිකා පිළිබදව ලියැවුණු පොත් පෙළක පළමු පොත් 08.