ඉංග්‍රීසි සාහිත්‍යාම්බරයේ කීර්තිධර ලේඛක චාල්ස් ඩිකන්ස් විසින් ලියන ලද සම්භාව්‍ය නව ප්‍රබන්ධය වන (Great Expectations) තවකතාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනය උදාර අපේක්ෂා - 1 සහ උදාර අපේක්ෂා - 2 වේ. මෙම ලෝ ප්‍රකට කෘතියන් සමකාලීන සමාජය පිළිබඳ යථාරූපී විචිත්‍ර දර්ශනයක් ඉදිරිපත් කරන්නේ, තමාටම ආවේක සියුම් හාස්‍ය හා උපහාසය දනවන ගැඹුරු භාෂා විලාශයක් හා අලංකාර රචනා ශෛලියක් උපයෝගී කොටගෙනය. එම මුල් කෘතියේ සාහිත්‍යමය අගය ඒ සැටියෙන්ම රස විඳීමේ අවස්ථාවක් එහි සිංහල පරිවර්තනය වන චන්දු අතගිරත්නයන්ගේ උදාර අපේක්ෂා තුළින් පාඨකායට ද අපේක්ෂා කළ හැකිය.