මා ඉලිනොයිස්වලට පැමිණියේ දිළිදු ආගන්තුක, මිතුරන් රහිත නූගත් කොලුවෙකු ලෙස ය. මසකට ඩොලර් අටක වැටුපට ඔරු පාර වැඩ කළෙමි. මුව සමකින් සැදූ කලිසම මගේ දණ හිස්වලට පහළින් සිර වූවකි. මුව සම තෙත් වූ පසු එය හිරු එළියෙන් වියළි හැකිලෙයි. මගේ කලිසම් මේ අන්දමට හැකිලි කොතෙක් කෙටි වුවාද යත්, මගේ කලිසම් වාටි අතර හිදසක් නිර්මාණය විය. මා උසින් වැඩෙත් ම තෙත් වන මුව සම හැකිළීමට බඳුන් වී තව තවත් කෙටි වී හිර විය. අවසාන අද ද දැකිය හැකි නිල් පැහැති රේඛාවන් මගේ පාදය වටා සනිටුහන් විය.මා රදළයෙකු මෙන් මනහර ව හැඳ පැළද සිටිතැයි ඔබ කියන්නේ නම්, ඒ වරදට සමාව යදිමි
-ඒබ්රහම් ලින්කන්