මම විභාගේ පාස් වුණා ද බලන්න නේද ආවෙ? ඔව් ඔව් මම දන්නවා, ඒකනේ ඔයාට හිනා යන්නේ.
ඉන්න මම කියන්නම්. විභාග ප්‍රථිපල එනකොට මම හිටියේ ම්....ම්....ම්... ගෙදර ගෙදර... අම්මා තමයි කිව්වේ, කඩේ නැන්දා කිව්වා කියලා ප්‍රථිපල ආවා කියල. මට ඒක ඇහුවම පපුව ඩිගි ඩිගි ගෑවා. බය නැතුව ලිව්වට අනේ මන්ද බඩේ කුරු කුරුවකුත් ඇහුණා. අම්මට නම් හොඳටම විශ්වාසයි කිව්ව. බෙනී අයියත් ආවනේ දුවගෙන, ටීවී එකේ ප්‍රතිපල ගැන කිව්ව කියලා.