ලාස් වේගාස්හි හෝටලයක සහ කැසියන් සමාජ ශාලාවක කොටස් හිමිකරුවකු වන ග්ලේන් ෆොක්නර්ගේ අධිරහස් ඝාතනයෙන් පසු ඔහුගේ දියණිය වන ස්ටෙෆනී ෆොර් යුවතිය හට එම දේපළෙහි උරුමය ලැබේ. ඉන් පසු එම ව්‍යාපාරයේ තමන්ට හිමි කොටස් විකුණා දැමීමට ඇය තීරණය කරන්නේ කිසිවකුගේ තර්ජනයක් හේතුවෙන් ද? එම ව්‍යාපාරයේ වෙනත් කොටස් හිමිකරුවකු වන හොමර් ගාවින්ගේ පුතු සමඟ පෙමින් වෙළෙන ඇය පසුව ඔහුගෙන් ඈත් වන්නේ කුමන හේතුවක් නිසාද, මේ අතර සිදුවන ජෝර්ජ් කාසෙල්මන් නම් පුද්ගලයාගේ අරහස් ඝාතනය හේතුවෙන් සියල්ල උඩු යටිකුරු වී ස්ටෙෆනී හට ඝාතන චෝදනාව එල්ල වන්නේ මාරක ගිනි අවිය ඇයගේ නිවසේ තිබී හමුවන බැවිනි. එමෙන්ම ඝාතනය සිදු වූ ස්ථානයෙන් ඇයගේ පාවහන් සලකුණු හමුවීම හේතුවෙන් ඇය තවතවත් අසරණ වන්නීය. පැහැදිලි සාක්ෂි සහිතව ඝාතන චෝදනාව එල්ල වන ඇය ඉන් මුදා ගැනීමට සුප්‍රකට රහස් පරීක්ෂක නීතිඥ පෙර මේ සන් මහතා හට හැකිවේද?