(CID Series : Book Number #07)
🔸 කළු සල්ලි
'අනේ මට යන්න දෙන්න... මේ කොහේද අපි ඉන්නේ.?'' ෂෙනොන් නොනවත්වා විලාප නැඟුවේ ය. එවිට අවජාතක දුෂ්ට මැරයා, සත්‍යජිත් ලාබාල තරුණයාගේ කම්මුල හරහා අතුල් පහරක් එල්ල කළේ ය. ෂෙනොන් එම පහරින් කැරකී මිහිමත පෙරළී ගියේ ය. ඔහුගේ තොල පැලී රුධිරය ගලා ආවේ ය. මරණ බිය ඔහුගේ මුහුණින් පැහැදිලිව ම දිස් විණි. මේ බියකරු දසුන දෙස ගල් ගැසී බලා සිටි ජනිත්ගේ දත් ඇඳි කිටි කිටි ගා ගැටිණි. ඔහුගේ දෑත වෙවුලුවේ අපස්මාරය වැලඳුණු රෝගියෙකුගේ මෙනි.
🔸 දියේ ගිලීමක්
''මම මිස්ටර් ජගන්ට කියපු විදියට මේක ඇත්තට ම මුහුදෙ ගිලිලා සිද්ධ වුණු මරණයක් නෙවෙයි. පැහැදිලිව ම පෙනහළුවල මුහුදු ජලය තිබුණේ නැහැ. ඒ විතරක් නෙවෙයි මම හෘදය වස්තුවේ රුධිර සාම්පලත් බොහොම ප්‍රවේසමෙන් පරීක්ෂා කරලා බැලුවා. මිස්ටර් ජගත් දන්නවද දන්නෑ සාමාන්‍යයෙන් යම් පුද්ගලයෙක් දියේ ගිලිලා මරණයට පත්වෙද්දී පැහැදිලිවම අවස්ථා තුනක් පහු කරනවා. පළවෙනි අවස්ථාව තමයි හුස්ම අල්ලා ගැනීම. ඒ කියන්නේ Breath Holding හුස්ම අල්ලා ගැනීම කියන කාරණය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.”