මේ කථා සංග්‍රහයට, වර්තමාන ලෝක සාහිත්‍යයේ අති දැවැන්තයකු ලෙස අවිවාදයෙන් පිළිගෙන ඇති ෆ්‍රාන්ස් කෆ්කා ගේ ශ්‍රේෂ්ඨ කතා පසළොසක් අඩංගු වී ඇත. ඒවා අතර "රූප විපර්යාසය”, "බල්ලකු ගේ පරීක්‍ෂණ”, "ඛෙනය” හා "චීන මහා ප්‍රාකාරය” වෙයි. අධිතාත්වික වාදී, භව සත්තා වාදී මහා ලේඛකයකු වන ෆ්‍රාන්ස් කෆ්කා ගේ මේ කථා වලින් වැඩි ගණනක් සිංහලයට පරිවර්තනය වී ඇත්තේ ප්‍රථම වරටය. කෆ්කා මෙහි දී නිරූපණය කරන අනේක විධ අනය ව්‍යසනයෝ වර්තමාන මිනිසා ගේ අනය ව්‍යසනයෝ ම ය.