කිසිම සද්දයක් නැහැ. පරණ ඔරලෝසු වලත්, ගිනි ගොඩේ දර ඇවිලෙන සද්දයත් හැර කිසිම සද්දයක් නැහැ. මම වෙන එකක් තියා මගෙ හීනවල දැකපු ලොකු වියන් ඇඳ දිහාත් බැලුවා. එතකොටයි මම දැක්කේ තවත් පොඩි කාමරයකට දොරක් අයිනක තියෙන බව. ඉටි පන්දමක් අතට ගත්ත මම ඒ කාමරය බලන්නට තීරණය කළා ඒ කාමරයෙන් උඩට ගිය කැරකෙවුණු පඩි පෙළකින් තවත් කුඩා ප්‍රදර්ශන ශාලාවකට යැවුණා. මේ මහලු මනුස්සයා සමහර විට මේ ගුහාවට රිංගලා ඇති, මම හිතුවා. මම මිනිහා පසුපස යන්න හිතුවා. පඩි පෙළ මුලටම ගියා. පඩි පෙළ නගින්නට අඩිය තියන විට ඒක තඩා වැටෙන්නට වාගේ ජර බර ගාන්නටත්, අසාමාන්‍ය සීතලක් නිසා මා වෙවුලන්නටත් පටන් ගත්තා. ඉටිපන්දම කොහෙන්දෝ ආ සුළං පාරකින් නිවී ගියා. මකුළු දැලක් මගේ මූණේ වෙළීමෙන් හිරිකිතයෙන් මා හිරි වැටී ගියා. තවදුරටත් ඉදිරියට යෑමට ආරාධනයක් නැතැයි හැඟී යාමෙන් මම පසුබැස්සා.