ආර්යා ඩයනා ස්ටැන්ලියර් ලන්ඩන් නුවර තරුණ කණ්ඩායම් සමග විනෝදකාමී ජීවිතයක් ගත කළ සුරූපී යුවතියකි. මුරණ්ඩු චරිතයක් වූ ඇය තම ආදරය පැතූ තරුණයින් දුටුවේ කවටයින් ලෙසය. ඔවුන් සමච්චලයට ලක්කළ ඇය සැලකිලිමත් වූයේ තම විනෝදය පිළිබඳව පමණය.
ස්කොට්ලන්ත ඉඩම් හිමියකුගේ පුතෙකු වන ඉයන්ට ඇය හමුවන්නේ මේ අතරතුරය. ඇගේ ආදරය ඉල්ලා සිටි ඔහුට හිමි වන්නේද අනෙක් තරුණයින් ලැබූ ආකාරයේම අවමන් සහගත සැලකීමකි.
මේ අතර ඩයනා සූදානම් වන්නේ නිවාඩුවක් ගත කිරිම සඳහා තම ගුවන් යානයෙන් දකුණු ප්‍රංශය බලා පිටත් වීමටය. එම ගුවන්යානයෙන්ම ඇය ස්කොට්ලන්තය වෙත පැහැරගෙන ගිය ඉයන් එහිදීද පැතුවේ ඇගේ ආදරයයි.