එහි සිටියේ,
රතු සළුවකින් සිරුර වසාගත් කාන්තාවකි.
සුළඟ ප්‍රචණ්ඩ වූ බැවින්
අර්ධ නග්න නාරි දේහයේ
සළු පිළි සුළඟෙහි නටන්නට වූයේ,
ගොදුරකට පනින්නට සැරසෙන
සර්පයින් රොත්තක් සේය.
ඔහු ඇය දෙස බැලුවේය.
ඇගේ නෙතු ඔහුගේ නෙතු හා ගැටුණ
පළවෙනි මොහොතේම
විදුලි සරයක් වැදුණාක් මෙන් හැඟීමකින්
ඔහුගේ ගත සලිත වී ගියේය.