රත්නවල්ලී හීන දෙව්දුවගේ ඇගෙන් වහනය වූ සමන්පිච්ච මල් සුවඳ හා සසඳනා විට නාඹර වියේ ඒ කාලේ තමන්ගේ දෑත බාහු අතර සිරවුණු ගමේ කෙල්ලන්ගෙන් වැඩි ම වුණොත් පිට වුණේ පොඩි වී ගිය සැවැන්දරා ලවන් සුවඳක් තරමේ කිරි පීදුණු අස්වැන්න පවනක් පමණකි.