යිලාත් මමත් පුංචි කාලයේ පටන්ම “මිනි මැරුවේ” එකටය . අයිලා මගේ ඔත්තුකාරියයි. ඇය විසින් ඔත්තු බලන ලද මිනිසුන්ව මරා දමන විෂ කන්‍යාව මම වීමී. කුඩා කල පටන් සිදු කලත් ඒ ” මිනි මැරිම” කුඩාවුන්ගේ සෙල්ලම්ක් නොවිය. එය අපිට පැවරුනු රාජකාරියයි. ඒ අපුල රාජකාරියෙන් පලා යන්නට අප දෙදෙනාටම උවමනා විය. එහෙත් අපට ලේසියෙන් පලා යා නොහැකිය. එයට හේතුව මා “තවත් එක විෂ කන්‍යාවක්” පමනක් නොවීමය.
එසේ නම් මම කවුරුන්ද ?නාග වංශයේ එකම එක රාජ කුමාරි ය ද?
රාජධානියක් තරමට වටිනා සිරකාරියක් ද?නැතිනම් සතුරු වංශයක අතුරුදහන් වු කුමරියක් ද?