මද්දුගේ ජීවිතය ගෙවුණේ වත්ත පහල ඇල ඉවුරේය.නිල්දිය පිරි ඇලේය.වෙල් එළියේය.මැද කමතේය.එගොඩ ගොඩේ කූඹි කැලේය.මද්දු ඇව්දින්න ගිහින් අම්මාගෙන් ගුටි කෑවේ වරක් දෙවරක් නොවේය. " හොඳවැඩේ මෙයාට රවුම් ගහන්න යනවට..."
අක්කා බනින්නේ මද්දුටය.
' මං රවුම් ගහන්න ගියෙ නෑ...' අම්මාගෙන් ගුටි කෑ මද්දු අක්කාට කඩා පැන්නාය. ‘මෙයාගෙ කටේ සැර.....අම්මට තිබ්බෙ තව දෙකක් දෙන්ඩ...'
බතලි......බතලි...... යක්ෂණී......බටකොළ ආච්චි.....' මද්දු කටට එන වචන සියල්ල කියා කෑගෑවාය.