˝කුරුස යුද්ධය කියන්නේ ආගම වෙනුවෙන් කරන යුද්ධවලට.
නයිට්වරු තමයි ඒ යුද්ධවලට නායකත්වය දෙන්නේ. ශුද්ධ දේශයේ
ඒ විදිහේ කුරුස යුද්ධ ගොඩක් සිද්ධ වෙලා තියෙනවා.˝
˝ඇත්තටම අපේ නයිට්වරයා නම් අපිව මෙහාට එව්වේ සංදේශයක්
භාරදෙන්න. යුද්ධයකට නෙවෙයි.˝
බෙත් කියූ කථාව අසාගෙන සිටි ආගන්තුකයා නැවත මෙසේ ඇසුවා.
˝මොකක්ද ඔයාලගෙන් සංදේශය?˝
˝ඔයා ළඟ තියෙනවා වගේ රන් පුවරුවක් අපිට හොයාගන්න ඕනෑ.˝
˝ඒක ටිකක් අමාරු කාරණයක්. අධිරාජ්‍යයාගේ ළඟම හිතවතුන්ට
විතරයි මේ වගේ රන් පුවරුවක් හිමිවෙන්නේ. මේ පුවරුව මුලින්ම
ලැබිලා තියෙන්නේ අවුරුද් අටකට කලින් මගේ පියාට සහ මාමා ට.
ඒ කාලේ දි තමයි ඔවුන් මේ රටට ඇවිල්ලා තියෙන්නේ.˝