හැමෝම සැඟවුණාට පස්සේ පීටර් අතු අතරින් ඔළුව එළියට දමලා ඔවුන් ගැන විපරම් කෙරුවා. හැබැයි සත් සුමිතුරන් සැඟවිලා ඉන්නේ කොහෙද කියලා ඔහුට යන්තමින්වත් දැකගන්න ලැබුණේ නෑ. ඒ නිසා පීටර්ගේ හිතට දැනුනේ පුදුමාකාර සතුටක්. මොකද මේ තරම් හොඳින් සැඟවිලා ඉන්න නිසා ඔවුන් බලාපොරොත්තුවෙන් ඉන්න අමුත්තටවත් සත් සුමිතුරන් දැකගන්න ලැබෙන්නෙ නෑ.