ඔහු ලෝකය බේරා ගැනීමට සිතුවේ සටනින් ය. ඇය ලෝකය බේරා ගැනීමට සිතුවේ ආදරයෙන් ය. එහෙත් දෙදෙනාටම තමන්ගේ ආදරය අහිමි වී ඇති බව වටහා ගන්නට ගතවූ කාලය මහමෙරක් වැනි ය.
"බලන්න ඒ ගස්වල එක කොළයක්වත් අනිත් ගහේ ගෑවෙන්නෙ නෑ. හැම තිස්සෙම ඒගොල්ලො වටේ මායිමක් ඉතුරු කර ගන්නවා, තද සුළං හැමුවත් එහෙම්මයි. සීමාව තියෙනවා. කොච්චර ළං වුණත් අනික් එකාගෙ ජිවිත වලට එබෙන්න යන්නේ නැහැ. ස්වභාවධර්මය හැදිලා තියෙන්නෙම එහෙම.”
ආදරයේ අහිමි වීම මිනිස් චිත්ත සන්තානයට ඇති කරන්නේ කවර බලපෑමක්ද යන්න ඉතිහාසය පුරා ලියැවී ඇතත්, අමායා සහ වින්ගේ කතාව ඒ සියල්ලේම අනාගත කතාවය. සියලු හැල හැප්පීම් මැද, ලෝකයේ බල පෙරළි මැද, ත්‍රස්තවාදී සටන් මැද පවා අවසානය තෙක් නොනැසී දිව යන හැගීමක් ඇත්නම් ඒ ආදරය යි.
ලෝකය වෙනස් කළ හැක්කේ වෛරයෙන් නොව ආදරයෙන් ය. එවැනි ලොවක අමායා හා වීන් හමුවනු ඇත්තේද? මේ වින්ගේ හා අමායාගේ කතාව නොව එය මේ ලෝකයේ ආදර කතාව ය.