කෑලි කැපිය හැකි කළුවර රැයක රූපසිලීත් සවරියෙලුන් අරඹන තීන්දු ගමන හුදෙක් ඔවුන්ගේ කතාන්දරයට පාදක වූයේ ම නොවේ. හැට හැත්තෑව දෙදශකවල දේශපාලන ගලායෑම, අසාර්ථක කැරැල්ලක වේදනාව මෙන්ම දේශපාලනය හා හයිකාරකම එක්තැන්ව, මිත්‍ර සංග්‍රහයත් ඥාති සංග්‍රහයන් අඩු නැති දේශපාලන සංස්කෘතියකට පදනම වැටුණු සැටි ද මේ අපූරු නවකතාව අපට ඉගි කරයි.
අඩ සිය වසකට එපිට ඒ සැබෑ පරිසරය පාඨකයා ඉදිරියේ සිනමා සිත්තමක් මෙන් මවන්නට කතුවරයා සමත්ව ඇති බව ද කිව යුතුමය. ඉදින්, "ගම්බාරේ" යනු අපේම ඉතිහාසයේ පැතිකඩකි. අපේම යටගියාව දෙසට අපේ ඇස් යොමු කරවන්නකි.