ගම්බද පූජකයකුගේ සුරූපී දියණිය වූ ඇමන්ඩා බර්ක්ට අයහපත් කල්ක්‍රියාවෙන් යුතු වූ වෙන්ස්කාර් සාමි වරයා හමු වන්නේ අහම්බයෙනි. ඔහු අප්‍රසන්න අප කීර්තිමත් පුද්ගලයකු වුවද වේල්සයේ කුමරුගේ ඉතා හොඳ මිතුරකු විය. ඇමන්ඩා ඔහු වෙතින් ඉවත් වීමට සූදානම් වන්නේ බලවත් කළකිරීමෙන් යුතුවය. ඒ අතර ඇය මුහුණ දෙන්නේ අනපේක්ෂිත තත්වයකටය. ඇය වහා තේරුම් ගන්නේ තමා බලවත් ලෙස ආදරයෙන් බැඳී ගිය මිනිසාගේ ජීවිතය රැවෙන්ස්කාර් සාමිවරයාගේ අතරැඳී තිබෙන බවය. ඔහුගේ ජිවිතය බේරා ගැනීම සඳහා ඇයට ඉතිරිව තිබුණේ එකම විකල්පයකි. ඒ තමාගේ බලවත් පිළිකුලට ලක්ව සිටි රැවෙන්ස්කාර් සාමිවරයා සමඟ විවාහ වීම සඳහා කැමැත්ත ලබා දීම පමණයි.