එලිජා බේලි එකළ පෘථිවි පොලිසියේ සේවය කළ පොලිස් නිළධාරියෙකි. එක් දිනක් සොලේරියාව නම් අති දියුණු පිටසක්වළ ලෝකයේ සිදු වූ මිනිමැරුමක් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා බේලි ට කැඳවීමක් ලැබේ. ඝාතනයට ලක්ව තිබුණේ සොලේරියාවේ විසූ අති දක්ෂ උපත් ඉංජිනේරුවරයෙකු වන රිකේන් ඩැල්මරී ය. ආලෝක වර්ෂ මිලියන ගණනක් දුර සොලේරියාව බලා යන බේලි ට ඩැනීල් ඔලිවව් නම් මානව රූප රොබෝවරයා ද ඝාතනයට ලක්වූ රිකේන් ඩැල්මරී ගේ වැන්දඹු බිරිද වන ග්ලැඩියා ඩැල්මරී නම් පිටසක්වළ රූමතිය ද හමුවෙයි. සොලේරියාවේදි සිදුවන්නේ කුමක්ද ? රිකේන් ඩැල්මරි ගේ ඝාතකයා සොයාගැනීමට බේලි ට හැකිවෙයිද ?