වික්ටෝරියා මැටිල්ඩා ආර්යාව ඔබෙරේනියාවේ මැක්සිමිලියන් කුමාරයාට විවාහ කර දීම වික්ටෝරියා රැජින විසින්ම කළ යෝජනාවකි. එම මංගල කටයුත්ත සඳහා ඇය එංගලන්තයේ සිට යුරෝපය හරහා ඔබෙර්නියාව වෙත ගමන්කරමින් සිටියාය.
කෙසේ නමුත් මියුනිච් වලදී රහස් අවදානම් චාරිකාවකට එක්ව සිටි ඇයට පොලීසිය මඟහැර සිටීමට සිදුව තිබිණි.
බැවේරියන් ගැමි ඇඳුමින් සැරසී සිටි මැටිල්ඩා තේරුම්ගත්තේ තමා කඳුකර ගැමි නිවසක සම්පූර්ණ ආගන්තුකයකු සමඟ එකම ඇඳක නිදා සිටින බවය. තුවාල ලබා සිටි ඔහු රුඩොල්ෆ් විය. ඇය ජිවිත කාලය පුරා දැක සිටි වඩාත් කඩවසම් හා ප්‍රබෝධකර පුද්ගලයා ඔහු විය.
දුටු මොහොතේ සිට ඔහු කෙරෙහි ආදරයෙන් බැඳී යන ඇය මැක්සිමිලියන් කුමාරයා සමඟ විවාහ වීම ප්‍රතික්ෂේප කරමින් සිටියාය. ඇයට අවශ්‍ය වූයේ රුඩොල්ෆ් සමඟ එක්වීමය.
එම අදහස පමණක්ම මහා රාජිනියට හා තම පවුලේ අයට කරනු ලබන බරපතල අවමානයක් බව ඇය දැන සිටියාය. එහෙත් දැඩි ලෙස තම හද බැඳ සිටි රුඩෝල්ෆ් අමතක කර ජීවිතයේ කිසි දින දැක නොතිබූ මැක්සිමිලියන් කුමාරයා සමඟ විවාහ වීම ඇයට කිසිසේත් කළ නොහැකි විය.